ජනපති යෝජනා කල ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් හත්දෙනාම අගමැති ධුරය එපා කියති…

එන මැතිවණයෙන් පසු අගමැති ධුරය ලබා දීම සුදුසු යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් යෝජනා කර තිබූ ශ‍්‍රිලනිප ජ්‍යේෂ්ඨයින් හත් දෙනාම එම ධුරය ප‍්‍රතික්‍ෂේප කර ඇත.

ජනාධිපතිවරයා විසින් නම් කල ජ්‍යෙෂ්ඨතයින් හත්දෙනා නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව තහවුරු කරමින් කියා සිටියේ රට පුරාම පාක්‍ෂිකයින් ඉල්ලා සිටින්නේ මහින්ද රාජපෂක්‍ මහතා අගමැති කරන ලෙස බවත් ඔවුන් මෙවර සන්ධානය දිනවන්නේද එම බලාපොරොත්තුව ඇතිව බවත්ය.

මේ අතර තමන් කිසිවකුට අගමැතිකම අවශ්‍ය නැති බවත් සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවණ සටනේදී සුවිසල් කාර්යභාරයක් කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එය ලබා දිය යුතු බවත් දන්වමින් එම ජ්‍යෙෂ්ඨයින් හත් දෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දන්වා ඇති අතර තමන් අගමැති ධුරයට යෝජනා කිරීම ගැන ජනාධිපතිවරයාට සිරිසේන මහතාට ස්තුති කරන බවද දැක්වෙයි.

ජොන් සෙනවිරත්න, චමල් රාජපක්ෂ, නිමල් සිරිපාලද සිල්වා, අතාවුද සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඒ.එච්.එම්. ෆවුසි යන මහතවරුන් අදාල ලිපියට අත්සන් තබා තිබේ

‘ජනවාරි 09 මගේ භාවිතාවෙන් ඉගෙන ගන්න’.. මෛත‍්‍රීගේ ලිපියට මහින්දගේ පිළිතුරු ලිපිය මෙන්න..

images4H9MXIRP

තමන් පසුගිය ජනවාරි 09 වන දින ජනාධිපතිවරණයෙන් පැරදුනු පසු ජනමතයට හිස නැමූ අයුරින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙවර මහ මැතිවණයේ ජනතා තීන්දුවට හිස නමනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් ඊයේ යොමු කරන ලද ලිපියට ප‍්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති පිළිතුරු ලිපිය මෙසේය

MR-letter2

මෛත‍්‍රීපාල බාලංශයේ සිට ඉගෙනගත යුතුයි.. අනුර-සුසිල් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් නැතිව බෑ..

images

රටේ මැතිවණයක් කැඳවා ඇති අවස්ථාවක පක්‍ෂ ලේකම්වරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කුරුණෑගලදී පැවැත්වෙන සන්ධාන ජනහමුව අමතමින් කියා සිටියේය.

සන්ධානයේ මහ ලේකම්වරයා, ශ‍්‍රිලනිප මහ ලේකම්වරයා ලෙස සුසිල් පේ‍්‍රමජයන්ත හා අනුර යාපා  යන මහත්වරුන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිලිගෙන ඇති තත්වයකදී ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 105 වන වගනිත්ය යටතේ මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව දිසා අධිකරණයකින් නියෝග නිකුත් කල නොහැකි බවත් එසේ කල හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පමණක් බවත් ඔහු කියා සිටියේය.

රාජකාරි අවසන් කර නිවෙස බලා යිමට සූදානම් සිටි දිසා විනිසරුවකුගේ අත්සනකින් මැතිවරණ නීතිය වෙනස් කල නොහැකි බව ජනාධිපතිවරයා දැන යුතු බවත් නීතිය නොදන්නේ නම් බාලංශයේ සිට ඉගෙනගත යුතු බවත් ඔහු කියා සිටියේය.

රවි සමඟ නමගිය පාතාලයන් දෙදෙනෙක් කොටහේනේ කැන්වසින් ගිය බව පොලීසිය අධිකරණයට දන්වයි..

ravi-k1

ඇමති රවි කරැණානායක මහතාගේ ප‍්‍රචාරක කටයුත්තක් අතරතුර කොටහේන,බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය ගැන දැනට කර ඇති පරීක්ෂණ අනුව කරුණානායක මහතා සමග ගමන් ආධාරකරැවන් අතර නමගිය අපරාධකරුවන් දෙදෙනෙකු සිටින බව පොලීසිය අධිකරණයට දන්වා ඇත .

රහස් පොලීසිය අධිකරණය හමුවට දන්වා සිටියේ රන්සෙම්බුගේ සම්පත් චාමර නොහොත් ආමි සම්පත් සහ රණසිංහ ආරච්චිගේ සංඛ ශිරන්ත නොහොත් බ්ලූමැන්ඩල් සංඛ යන දෙදෙනාද ඇමතිවරයා සමග ගමන් කර ඇති බවයි.

ISIS ත්‍රස්තවාදීන් 2020දී ලංකාවත් අත්පත් කරගන්නවාලු – සිතියම මෙන්න

gsdgsd

ISIS ත්‍රස්තවාදී සංවිධානය විසින් ඉදිරි වසර පහක කාලය ඇතුලත ලෝකයේ රටවල් වලින් විශාල කොටසක් අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති බව දැක්වෙන සිතියමක් මේ වන විට නිකුත් කර තිබෙනවා.

BBC ලෝක සේවයේ වාර්තාකරුවෙකු වන Andrew Hosken විසින් මේ බව හෙළිදරව් කර තිබෙනවා.

මෙම සිතියමට අනුව ISIS ත්‍රස්තවාදීන් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන අති විශාල බිම්කොටසට දක්ෂිණ යුරෝපය ද අප්‍රිකාවේ විශාල කොටසක් ද මධ්‍යම හා දකුණු ආසියාව ද ඇතුලත් වෙයි.

එම සිතියමට අනුව ඉදිරි වසර පහ තුලදී අයත් කරගන්නා රටක් ලෙස ලංකාවද ලකුණු කොට තිබෙනවා.

2020 දී මෙම සිතියෙමේ දැක්වෙන රටවල් අත්පත් කරගැනීම සඳහා ISIS සංවිධානය දැනටමත් ප්‍රහාර මෙන්ම සූක්ෂම කටයුතු ආරම්භ කොට ඇති බව පෙන්වාදෙන Andrew Hosken එයට උදාහරණ ලෙස ලිබියාවට, සෞදි අරාබියට, ටියුනිසියාවට එල්ලවූ ISIS ප්‍රහාර පෙන්වා දෙනු ලබයි.

දෛවඥයින් සුභ දිනය දුන්නේ මට නොවේ මෛත‍්‍රීටයි.. රැකගත් වැරදිකරුවන් කවුදැයි මහින්ද කියයි.. [Video]

පසුගිය ජනාධිපතිවරණයේදී දෛවඥයින් විසින් සුභ දිනය ලබා දී තිබුනේ තමනට නොව මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ ඊයේ රාත‍්‍රියේ පැවති දෙරණ 360 වැඩසටහනට එක්වෙමිනි.

තමන් 70 දශකයේ සිට මෛත‍්‍රිපල දන්නා බවත් සන්ධානය ජයග්‍රහණය කළහොත් අගමැති ධූරය ඔහු තමාට නොදී සිටින්නේ නැති බවත් කී රාජපක්‍ෂ මහතා තමා රට පාලනය කරද්දී වැරදි සිදුවුණු බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ සොයුරිය හොර සල්ලි තොගයක් සමග අත්අඩංගුවට ගත් අවස්ථාවේදී බන්ධනාගාර ගත නොකොට පරීක්ෂණ පවත්වන්නට තමන්  උපදෙස් ලබාදුන්නද එවැනි දේ නොකරන්නට තිබූ බවද ඔහු එහිදී කියා සිටියේය.

ඡන්දය දමන්න විදෙස්ගත දමිලයන් කැඳවති.. ගුවන් ටිකට්, නවාතැන් සියල්ල නොමිලේ..

1434353902_t

17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් විදෙස්ගත දමිළ ජාතිකයන්ගේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ඔවුන් මෙරටට පැමිණීම සඳහා සියළු පහසුකම් ලබා දීමට දෙමළ ජාතික සන්ධානය සූදානමින් සිටී.

ඔවුන් විසින් දැනටමත් විදෙස්ගත දමිල ප‍්‍රජාව වෙත දන්වා ඇත්තේ ගුවන් ප‍්‍රවේශපත‍්‍ර, නවාතැන් පහසුකම් සියල්ල ලබා දීමට සූදානම් බැවින් මෙවර මැතිවරණයේදී ඡුන්දය භාවිතා කිරීමට මෙරට පැමිණෙන ලෙසයි

රතනහිමි එජාපයේ දෙකේ කොලේට වැටේ.. ජාතික ලයිස්තුවෙනුත් කැපේ..?

hhh

එක්සත් ජාතික පක්‍ෂය විසින් සිය පක්‍ෂ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර සඳහා භික්‍ෂුන් නම් නොකිරීමට තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා පල වෙමින් තිබේ.

මෙම තීන්දුව වෙනස් කරගැනීම සඳහා සාකච්ඡා පැවතුනද එජාප ප‍්‍රබලයින්ගේ දැඩි විරෝධය මත එම සාකච්චා අසාර්ථක වී ඇතැයිද වාර්තා වෙයි.

පින්තූරයේ දැක්වෙන්නේ එජාප ජනහමුවක වේදිකාවේ සිටින රතන හිමියන් හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතායි.

බැඳුම්කර යනු මොනවාද.. වංචාව සිදුවුනේ කොහොමද.. කුමරතුගු මුණුපුරා හරි සිංහලෙන් පහදයි…[Video]

පසුගියදා ශ‍්‍රි ලංකා මහ බැංකුව විසින් සිදු කල බැඳුම්කර වෙන්දේසියේදී සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතාව සම්බන්ධයෙන් ගෙවිඳු කුමාරතුංග මහතා ගාල්ලේදී පැවති සම්මන්ත‍්‍රණයකදී අදහස් පල කලේ මෙසේය.

චම්පිකට චන්දෙ දෙන්න එපා’… විජේදාසගේ පුතා එජාප පාක්ෂිකයන්ගෙන් ඉල්ලයි…

champika-ranawaka

dghj

එක්සත් ජාතික පක්ෂයෙන්ම චන්දය ඉල්ලන චම්පික රණවක ආදීන් ඉල්ලක කර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් මනාප සටනක් අරඹා ඇති බව පසුගිය කාලය පුරාම දක්නට ලැබිණ.

විසේෂයෙන් චම්පික රණවක ට මනාප දීම හරහා එක්සත් ජාතික පාක්ෂිකයකුට තම පාර්ලිමේන්තු අසුන අහිමි වන අතර අනාගතයේ දිනක චම්පික රණවක එක්සත් ජාතික පක්ෂය හැර යනු ඇතැයි ද ඔවුන්ගේ මතයයි.

මේ ඊයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා තම ෆේස් බුක් ගිණුමේ ඇබූ සටහනකි.

 

ඔහු මෙයින් ඉලක්ක කලේ චම්පික රණවක මහතා බවට සැක නැත.ඔහුට මනාප නොදෙන්නයි ඔහු එහිදී එජාප චන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටී. රඛිත රාජපක්ෂ මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සමීපව කටයුතු

කරන්නෙකි.