සන්ධාන ජාතික ලයිස්තුවට වලංගු සුසිල්ගේ අත්සනද.. විශ්වාගේ අත්සනද.. – මැකො තීරණය කියයි.. [Video]

අයිතීන් නොදුන්නොත් සන්නද්ද අරගලයක් ඇතිවීමේ ඉඩකඩ ඉතා වැඩියි..

1434353902_t

යළිත් වතාවක් මෙරට තුල සන්නද්ධ අරගලයක් ඇතිවීමට වැඩි ඉඩක් ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා බිබිසී සේවය සමඟ අදහස් පල කරමින් මෙසේ පවසා ඇත.

වැඩසටහන මෙහෙයවූ මාධ්‍යයෙව්දීයා මෙය තර්ජනය කිරීමක්දැයි ඇසූ විට දෙමළ සන්ධාන නියෝජිතයා කියා සිටියේ මෙය තර්ජනයක් නොවන බවත් නමුත් දෙමළ ජාතිකයින්ට අන් පුරවැසියන් හා සමාන පහසුකම් නොලැබෙන නිසා ආයුධ සන්නද්ධ අරගලයක් ඇතිවීමේ අනිවාර්ය හැකියවක් ඇති බවයි.

සන්ධාන ජාතික ලයිස්තුවට වලංගු සුසිල්ගේ අත්සනද.. විශ්වාගේ අත්සනද.. – මැකො තීරණය කියයි.. [Video]

සන්ධාන ජාතික ලයිස්තුවට වලංගු සුසිල්ගේ අත්සනද.. විශ්වාගේ අත්සනද.. – මැකො තීරණය කියයි.. [Video]මෙවර මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලයිස්තුවට මන්ත‍්‍රීවරුන් නම් කිරීමේදී තමනට වලංගු වන්නේ සුසිල් පේ‍්‍රමජයන්ත්ගේ අත්සනද, විශ්වා වර්ණපාලගේ අත්සනද යන ගැටළුව ගැන කල්පනා කරන්නේ ඡන්ද විමසීමෙන් පසුව බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

හිරු රූපවාහිනියේ සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම ප‍්‍රශ්ණයට පිළිතුරු දීම එක් පාර්ශවයකට අගතියක් වීමටත් අනෙක් පාර්ශවය තම ප‍්‍රකාශය ප‍්‍රවර්ධනය කරමින් මැතිවරණ වාසි ලබා ගැනීමට ඉඩ ඇතැයිද කියා සිටියේය.

තමනට පැවරී ඇති රාජකාරියට අදාල බලතල විධිවිධාන අනුව නියමිත වේලාවට තම තීන්දුව ගන්නා බව ප‍්‍රවීණ මාධ්‍යවේදී සුනන්ද දේශප‍්‍රියගේ සහෝදරයාද වන මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේය.

මෛත්‍රි නව ලේකම්වරුන් පත් කළේ ඇයි?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන තමන්ගේ සභාපති බලතල භාවිතා කොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරු අළුතින් පත් කිරීම තුළින් තවත් දේශපාලන පෙරළි රැසක් ඇති වීමට මග පාදයි.

අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේම ජයන්ත

සන්ධානයේ වැඩබලන ලේකම් ලෙස පත් කෙරුණු මහාචාර්ය විශ්වා වර්ණපාලත් ශ්‍රීලනිප ලේකම් ලෙස පත්කෙරුණු දුමින්ද දිසානායකත් ඔවුන්ගේ කටයුතු හිටපු ලේකම්වරුන්ගේ අවහිරයකින් තොරව පවත්වාගෙන යාම සඳහා කොළඹ දිසා අධිකරණයේ අතුරු වාරණයක් ලබා ගෙන ඇතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා සංදේශයට කියා සිටියේ තමන් වෙත මෙතෙක් එවැනි නියෝගයක් ලැබී නැති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලින් නැගෙන විරෝධය

dilan perera
ඩිලාන් පෙරේරා

“ තවමත් එක්සත් ජනතා සන්ධාන ලේකම් වරයා සුසිල් ප්‍රේමජයන්ත ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා” යැයි ඩිලාන් පෙරේරා පැවසීය.

මේ ප්‍රකාශය තුළින් ගම්‍ය වන්නේ නව පත් කිරීම් වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලින් නැගෙන විරෝධයයි.

අනෙක් අතට කොළඹ දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා ලබන 28 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම නිකුත් කොට තිබේ.ලබන 24 වෙනිදා දක්වා උසාවි නිවාඩු කාලයයි.මේ අනුව ලබන 28 වෙනිදාට පෙර සුසිල් ප්‍රේම ජයන්ත හෝ අනුර ප්‍රියදර්ශන යාපාට උසාවිය හමුවේ කරුණු දැක්වීමට නොහැකි වෙන අසීරු තත්වයක් උද්ගත විය හැකිය.මේ අතරවාරේ අගෝස්තු 17 වෙනිදා මැතිවරණය නිමාවීමත් සමඟම පක්ෂ මහ ලේකම් වරුන්ට වගකීම් පැවරෙන තීරණාත්මක කාලයක් උදා වෙයි.

ජාතික ලැයිස්තුව

ප්‍රංශ පුවත් සේවාවේ කොළඹ කාර්යාංශ ප්‍රධානි අමල් ජයසිංහ පවසන පරිදි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරෙන මන්ත්‍රීවරුන් ගේ නම් මැතිවරණ කොමසාරිස් වරයාට දැන්වීමේ අවස්ථාව පක්ෂ ලේකම්වරයාට හිමිවෙන අතර මේ මහ ලේකම් වෙනසින් තමන්ට අවශ්‍ය මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමේ ඉඩ කඩ ජනාධිපතිවරයාට හිමි වෙයි.

victior_ivan
වික්ටර් අයිවන්

අනෙක් අතට නව පත් කිරීම් ලැබූ මහ ලේකම්වරුන් හරහා අළුත් පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ගේ වැඩකටයුතු පාලනය කිරීමේ බලය ජනාධිපති වරයාට හිමිවෙන් බව අමල් ජයසිංහ වැඩි දුරටත් පෙන්වා දෙයි.මන්ත්‍රීවරුන් ගේ විනය පරීක්ෂණ පැවැත්වීමේ කටයුතු මෙන්ම මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීම ආදී කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා හා ගනුදෙනු කරන්නේ පක්ෂ ලේකම්වරයාය.

සාධාරණත්වය පිළිබඳව ගැටළුවක්

මේ පිළිබඳව සංදේශයට කරුණු දැක්වූ රාවය උපදේශක කර්තෘ වික්ටර් අයිවන් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේනට පක්ෂ ලේකම්වරයා අස් කිරීමේ බලතල තිබුනද මැතිවරණ දිනය ආසන්නයේ දී එසේ කිරීමේදී සාධාරණත්වය පිළිබඳව ගැටළුවක් මතුවෙන බවයි.

තමන්ගේ දේශපාලන සගයින් වූ සුසිල් ප්‍රේම ජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා ඉවත් කොට මහාචාර්ය විශ්වා වර්ණපාල සහ දුමින්ද දිසානායක පත් කිරීමට බලපෑ හේතු පිළිබඳව කළ අදහස් විමසීමකදී නම සඳහන් කිරීමට අකමැති ජනාධිපතිවරයා ගේ මධ්‍ය ලේකම්වරයෙක් කිය සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන් නිවැරදි යැයි හිතන ගමන් මාර්ගය ඔස්සේ මෙහයවීම සඳහා මතුවෙන බාධක ඉවත් කර ගැනීමට නව පත් කිරීම් සිදු කරන්නට ඇති බවයි.

මහින්දට යැවූ මෛත‍්‍රීගේ ලිපිය ලියා ඇත්තේ සිරිකොතේ සිටයි.. [Video] –

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යොමු කර තිබූ ලිපිය ලියා සිරිසේන මහතා විසින් නොව සිරිකොතේ අයෙකු විසින් යයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියහ. උන් වහන්සේ සඳහන් කලේ මේ සම්බන්ධයෙන් තොරතුරු තමන් වහන්සේ සතුව ඇති බවයි. – See more at:

රතු අලි පැටවුන් දැවැන්ත පසුබෑමක් ආසන්නයේ..

faf

17 වැනිදා පැවැත්වෙන මහ මැතිවණයෙන් ජනතා විමුක්ති පෙරමුණ තම ඉතිහාසයේ ලැබිය හැකි දැවැන්තම පසුබෑමක් ආසන්නයේ සිටින හෙළිව තිබේ.

ලංකාදීප වෙබ් අඩවිය මගින් අහඹු ප‍්‍රතිචාර දක්වන්න්නේ මතය අනුව මෙවර මැතිවණයෙන් ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයේ තීරක බලවේගය වන බව විශ්වාස කරන්නේ 112,780කින් 4,464ක් පමණි. ප‍්‍රතිශතයක් ලෙස 3.95%කි.

ජවිපෙ තීරක බලවේගය නොවන බව විශ්වාස කරන්නන් අතර ජවිපෙට ඡන්දය භාවිතා කරන්නන් සිටිය හැක්කේ ඉතා අඩු ප‍්‍රමාණයක් මෙන්ම ජවිපෙ තීරක බලවේග වන බව විශ්වාස කරන්නන්ගෙන් වැඩි දෙනෙක් ජවිපෙට ඡන්දය දෙනු ඇතැයි උපකල්පනය කිරීම අතිශය සාධාරණය.

ජවිපෙ අවසන් ලෙස තරඟ වැදුනු 2001 පාර්ලිමේන්තු මැතිවණයේදී 9.1%ක ඡන්ද ප‍්‍රතිශතයක් සහිතව ආසන 16ක් දිනා ගත්තේ එම පක්‍ෂ ජනප‍්‍රියත්වයේ හිනිපෙත්තේ සිටියදී සහ ජවිපෙ නායකයන් කොල්ලන් කුරුට්ටන්ගේ උසුළු විසුළුවලට ලක් නොවී තිබී තත්වයක් යටතේය.

මෑත කාලීන දේශපාලන භාවිතාව තුල එජාපයට සෘජුව හෝ වක‍්‍රව කඬේ යාමක් මිස ජාතිකවාදී අධිරාජ්‍යවිරෝධී භාවිතාවෙන් බොහෝ ඈත්ව සිටින එම පක්‍ෂය 17 වනදා පැවැත්වෙන මහ මැතිවරණයේදී 2001 මැතිවණ ප‍්‍රතිශතය ඉක්මවා යනු ඇතැයි සිතිය නොහැක. ලංකාදීපයේ සඳහන් ගණනය කිරීම්ද 100%ක් නිවැරදි නොවන නමුත් ජවිපෙ ඒ අසන් ප‍්‍රථිපලයක් ලබා ගනු ඇතැයි සිතිය හැක.

– විහඟ චතුරංග

මැතිවරණය උපරිම සාධාරණය පවත්වන්න කැපවෙනවා.. – ජනපති

president-maithripala-sirisena

17 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය නිදහස්, සමාකාමී හා උපරිම සාධාරණව පැවැත්වීම සඳහා උපරිමයෙන් කැපවන්නේ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. මැතිවරණය නිරීක්‍ෂණය සඳහා මෙරටට පැමිණ සිටින විදේශීය නියෝජිතයින් සමග අදහස් පල කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. ජනාධිවරයා තවදුරටත් කියා සිටියේ මැතිවරණ කොමසාරිස්, පොලිස්පති හා නීතිය කි‍්‍රයාත්මක කරන සියලූ නිලධාරීන්ට ස්වාධීනව වගකීම් ඉටුකිරීමට අවස්ථාව උදාකරන බවයි. – See more at: https://lankacnews.com/sinhala/news/134777/#sthash.YXDT4guL.dpuf

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය මෙතනින්

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය මෙතනින්

නව පාර්ලිමේන්තුව රැස්වන තෙක් මැතිවරණ කොමසාරිස්ට සන්ධාන මහ ලෙකම් සුසිල් පමණයි.

untitled

නව පාර්ලිමේන්තුව රැස්වන තෙක් මැතිවණ කොමසාරිස්වරයා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස පිලිගනු ලබන්නේ සුසිල් පේ‍්‍රමජයන්ත මහතා බව වාසුදේව නානායත්තාර මහතා පවසයි.

මහ ලේකම් සුසිල්මයි.. අප වෙනස් කලේ නෑ.. සන්ධාන විධායක සභාව ඒකමතිකව මැ.කො.ට දන්වති.

banner-upfa-v3

තව දුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා වන්නේ සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා බව පවසමින් සන්ධනානයේ පක්‍ෂ නායකයින් හා සියළු විධායක සභා සාමාජිකයින් විසින් මැතිවණ කොමසාරිස්වරයා දැනුවත් කිරීමට නියමිතය.

සන්ධාන ව්‍යවස්ථාව අනුව විධායක සභා රැුස්වීමකින් තොරක ලේකම්වරයා වෙනස් කල නොහැති බව පෙන්වා දෙන ඔවුන් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය ප‍්‍රකාරව නව පාර්ලිමේන්තුව පිහිටුවීම දක්වා කාලය තුල සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා සන්ධාන මහ ලේකම්වරයා ලෙස සලකා කටයුතු කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනු ඇතැයිද වාර්තා වෙයි.

නව පාර්ලිමේන්තුව පිහිටුවීමෙන් පසු සන්ධානයේ විධායක සභාව කැඳවා මේ සම්බන්ධ ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා  බවත් ඔවුහු කියා සිටිති.