සන්ධාන ජාතික ලයිස්තුවට වලංගු සුසිල්ගේ අත්සනද.. විශ්වාගේ අත්සනද.. – මැකො තීරණය කියයි.. [Video]

අයිතීන් නොදුන්නොත් සන්නද්ද අරගලයක් ඇතිවීමේ ඉඩකඩ ඉතා වැඩියි..

1434353902_t

යළිත් වතාවක් මෙරට තුල සන්නද්ධ අරගලයක් ඇතිවීමට වැඩි ඉඩක් ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා බිබිසී සේවය සමඟ අදහස් පල කරමින් මෙසේ පවසා ඇත.

වැඩසටහන මෙහෙයවූ මාධ්‍යයෙව්දීයා මෙය තර්ජනය කිරීමක්දැයි ඇසූ විට දෙමළ සන්ධාන නියෝජිතයා කියා සිටියේ මෙය තර්ජනයක් නොවන බවත් නමුත් දෙමළ ජාතිකයින්ට අන් පුරවැසියන් හා සමාන පහසුකම් නොලැබෙන නිසා ආයුධ සන්නද්ධ අරගලයක් ඇතිවීමේ අනිවාර්ය හැකියවක් ඇති බවයි.

සන්ධාන ජාතික ලයිස්තුවට වලංගු සුසිල්ගේ අත්සනද.. විශ්වාගේ අත්සනද.. – මැකො තීරණය කියයි.. [Video]

සන්ධාන ජාතික ලයිස්තුවට වලංගු සුසිල්ගේ අත්සනද.. විශ්වාගේ අත්සනද.. – මැකො තීරණය කියයි.. [Video]මෙවර මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලයිස්තුවට මන්ත‍්‍රීවරුන් නම් කිරීමේදී තමනට වලංගු වන්නේ සුසිල් පේ‍්‍රමජයන්ත්ගේ අත්සනද, විශ්වා වර්ණපාලගේ අත්සනද යන ගැටළුව ගැන කල්පනා කරන්නේ ඡන්ද විමසීමෙන් පසුව බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

හිරු රූපවාහිනියේ සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම ප‍්‍රශ්ණයට පිළිතුරු දීම එක් පාර්ශවයකට අගතියක් වීමටත් අනෙක් පාර්ශවය තම ප‍්‍රකාශය ප‍්‍රවර්ධනය කරමින් මැතිවරණ වාසි ලබා ගැනීමට ඉඩ ඇතැයිද කියා සිටියේය.

තමනට පැවරී ඇති රාජකාරියට අදාල බලතල විධිවිධාන අනුව නියමිත වේලාවට තම තීන්දුව ගන්නා බව ප‍්‍රවීණ මාධ්‍යවේදී සුනන්ද දේශප‍්‍රියගේ සහෝදරයාද වන මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේය.

මෛත්‍රි නව ලේකම්වරුන් පත් කළේ ඇයි?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන තමන්ගේ සභාපති බලතල භාවිතා කොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරු අළුතින් පත් කිරීම තුළින් තවත් දේශපාලන පෙරළි රැසක් ඇති වීමට මග පාදයි.

අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේම ජයන්ත

සන්ධානයේ වැඩබලන ලේකම් ලෙස පත් කෙරුණු මහාචාර්ය විශ්වා වර්ණපාලත් ශ්‍රීලනිප ලේකම් ලෙස පත්කෙරුණු දුමින්ද දිසානායකත් ඔවුන්ගේ කටයුතු හිටපු ලේකම්වරුන්ගේ අවහිරයකින් තොරව පවත්වාගෙන යාම සඳහා කොළඹ දිසා අධිකරණයේ අතුරු වාරණයක් ලබා ගෙන ඇතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා සංදේශයට කියා සිටියේ තමන් වෙත මෙතෙක් එවැනි නියෝගයක් ලැබී නැති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලින් නැගෙන විරෝධය

dilan perera
ඩිලාන් පෙරේරා

“ තවමත් එක්සත් ජනතා සන්ධාන ලේකම් වරයා සුසිල් ප්‍රේමජයන්ත ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා” යැයි ඩිලාන් පෙරේරා පැවසීය.

මේ ප්‍රකාශය තුළින් ගම්‍ය වන්නේ නව පත් කිරීම් වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලින් නැගෙන විරෝධයයි.

අනෙක් අතට කොළඹ දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා ලබන 28 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම නිකුත් කොට තිබේ.ලබන 24 වෙනිදා දක්වා උසාවි නිවාඩු කාලයයි.මේ අනුව ලබන 28 වෙනිදාට පෙර සුසිල් ප්‍රේම ජයන්ත හෝ අනුර ප්‍රියදර්ශන යාපාට උසාවිය හමුවේ කරුණු දැක්වීමට නොහැකි වෙන අසීරු තත්වයක් උද්ගත විය හැකිය.මේ අතරවාරේ අගෝස්තු 17 වෙනිදා මැතිවරණය නිමාවීමත් සමඟම පක්ෂ මහ ලේකම් වරුන්ට වගකීම් පැවරෙන තීරණාත්මක කාලයක් උදා වෙයි.

ජාතික ලැයිස්තුව

ප්‍රංශ පුවත් සේවාවේ කොළඹ කාර්යාංශ ප්‍රධානි අමල් ජයසිංහ පවසන පරිදි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරෙන මන්ත්‍රීවරුන් ගේ නම් මැතිවරණ කොමසාරිස් වරයාට දැන්වීමේ අවස්ථාව පක්ෂ ලේකම්වරයාට හිමිවෙන අතර මේ මහ ලේකම් වෙනසින් තමන්ට අවශ්‍ය මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමේ ඉඩ කඩ ජනාධිපතිවරයාට හිමි වෙයි.

victior_ivan
වික්ටර් අයිවන්

අනෙක් අතට නව පත් කිරීම් ලැබූ මහ ලේකම්වරුන් හරහා අළුත් පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ගේ වැඩකටයුතු පාලනය කිරීමේ බලය ජනාධිපති වරයාට හිමිවෙන් බව අමල් ජයසිංහ වැඩි දුරටත් පෙන්වා දෙයි.මන්ත්‍රීවරුන් ගේ විනය පරීක්ෂණ පැවැත්වීමේ කටයුතු මෙන්ම මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීම ආදී කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා හා ගනුදෙනු කරන්නේ පක්ෂ ලේකම්වරයාය.

සාධාරණත්වය පිළිබඳව ගැටළුවක්

මේ පිළිබඳව සංදේශයට කරුණු දැක්වූ රාවය උපදේශක කර්තෘ වික්ටර් අයිවන් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේනට පක්ෂ ලේකම්වරයා අස් කිරීමේ බලතල තිබුනද මැතිවරණ දිනය ආසන්නයේ දී එසේ කිරීමේදී සාධාරණත්වය පිළිබඳව ගැටළුවක් මතුවෙන බවයි.

තමන්ගේ දේශපාලන සගයින් වූ සුසිල් ප්‍රේම ජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා ඉවත් කොට මහාචාර්ය විශ්වා වර්ණපාල සහ දුමින්ද දිසානායක පත් කිරීමට බලපෑ හේතු පිළිබඳව කළ අදහස් විමසීමකදී නම සඳහන් කිරීමට අකමැති ජනාධිපතිවරයා ගේ මධ්‍ය ලේකම්වරයෙක් කිය සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන් නිවැරදි යැයි හිතන ගමන් මාර්ගය ඔස්සේ මෙහයවීම සඳහා මතුවෙන බාධක ඉවත් කර ගැනීමට නව පත් කිරීම් සිදු කරන්නට ඇති බවයි.

මැතිවරණය උපරිම සාධාරණය පවත්වන්න කැපවෙනවා.. – ජනපති

president-maithripala-sirisena

17 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය නිදහස්, සමාකාමී හා උපරිම සාධාරණව පැවැත්වීම සඳහා උපරිමයෙන් කැපවන්නේ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. මැතිවරණය නිරීක්‍ෂණය සඳහා මෙරටට පැමිණ සිටින විදේශීය නියෝජිතයින් සමග අදහස් පල කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. ජනාධිවරයා තවදුරටත් කියා සිටියේ මැතිවරණ කොමසාරිස්, පොලිස්පති හා නීතිය කි‍්‍රයාත්මක කරන සියලූ නිලධාරීන්ට ස්වාධීනව වගකීම් ඉටුකිරීමට අවස්ථාව උදාකරන බවයි. – See more at: https://lankacnews.com/sinhala/news/134777/#sthash.YXDT4guL.dpuf

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය මෙතනින්

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය මෙතනින්

මහ ලේකම් සුසිල්මයි.. අප වෙනස් කලේ නෑ.. සන්ධාන විධායක සභාව ඒකමතිකව මැ.කො.ට දන්වති.

banner-upfa-v3

තව දුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා වන්නේ සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා බව පවසමින් සන්ධනානයේ පක්‍ෂ නායකයින් හා සියළු විධායක සභා සාමාජිකයින් විසින් මැතිවණ කොමසාරිස්වරයා දැනුවත් කිරීමට නියමිතය.

සන්ධාන ව්‍යවස්ථාව අනුව විධායක සභා රැුස්වීමකින් තොරක ලේකම්වරයා වෙනස් කල නොහැති බව පෙන්වා දෙන ඔවුන් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය ප‍්‍රකාරව නව පාර්ලිමේන්තුව පිහිටුවීම දක්වා කාලය තුල සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා සන්ධාන මහ ලේකම්වරයා ලෙස සලකා කටයුතු කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනු ඇතැයිද වාර්තා වෙයි.

නව පාර්ලිමේන්තුව පිහිටුවීමෙන් පසු සන්ධානයේ විධායක සභාව කැඳවා මේ සම්බන්ධ ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා  බවත් ඔවුහු කියා සිටිති.

මෛත‍්‍රීපාල බාලංශයේ සිට ඉගෙනගත යුතුයි.. අනුර-සුසිල් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් නැතිව බෑ..

images

රටේ මැතිවණයක් කැඳවා ඇති අවස්ථාවක පක්‍ෂ ලේකම්වරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කුරුණෑගලදී පැවැත්වෙන සන්ධාන ජනහමුව අමතමින් කියා සිටියේය.

සන්ධානයේ මහ ලේකම්වරයා, ශ‍්‍රිලනිප මහ ලේකම්වරයා ලෙස සුසිල් පේ‍්‍රමජයන්ත හා අනුර යාපා  යන මහත්වරුන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිලිගෙන ඇති තත්වයකදී ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 105 වන වගනිත්ය යටතේ මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව දිසා අධිකරණයකින් නියෝග නිකුත් කල නොහැකි බවත් එසේ කල හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පමණක් බවත් ඔහු කියා සිටියේය.

රාජකාරි අවසන් කර නිවෙස බලා යිමට සූදානම් සිටි දිසා විනිසරුවකුගේ අත්සනකින් මැතිවරණ නීතිය වෙනස් කල නොහැකි බව ජනාධිපතිවරයා දැන යුතු බවත් නීතිය නොදන්නේ නම් බාලංශයේ සිට ඉගෙනගත යුතු බවත් ඔහු කියා සිටියේය.

දෛවඥයින් සුභ දිනය දුන්නේ මට නොවේ මෛත‍්‍රීටයි.. රැකගත් වැරදිකරුවන් කවුදැයි මහින්ද කියයි.. [Video]

පසුගිය ජනාධිපතිවරණයේදී දෛවඥයින් විසින් සුභ දිනය ලබා දී තිබුනේ තමනට නොව මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ ඊයේ රාත‍්‍රියේ පැවති දෙරණ 360 වැඩසටහනට එක්වෙමිනි.

තමන් 70 දශකයේ සිට මෛත‍්‍රිපල දන්නා බවත් සන්ධානය ජයග්‍රහණය කළහොත් අගමැති ධූරය ඔහු තමාට නොදී සිටින්නේ නැති බවත් කී රාජපක්‍ෂ මහතා තමා රට පාලනය කරද්දී වැරදි සිදුවුණු බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ සොයුරිය හොර සල්ලි තොගයක් සමග අත්අඩංගුවට ගත් අවස්ථාවේදී බන්ධනාගාර ගත නොකොට පරීක්ෂණ පවත්වන්නට තමන්  උපදෙස් ලබාදුන්නද එවැනි දේ නොකරන්නට තිබූ බවද ඔහු එහිදී කියා සිටියේය.

රතනහිමි එජාපයේ දෙකේ කොලේට වැටේ.. ජාතික ලයිස්තුවෙනුත් කැපේ..?

hhh

එක්සත් ජාතික පක්‍ෂය විසින් සිය පක්‍ෂ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර සඳහා භික්‍ෂුන් නම් නොකිරීමට තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා පල වෙමින් තිබේ.

මෙම තීන්දුව වෙනස් කරගැනීම සඳහා සාකච්ඡා පැවතුනද එජාප ප‍්‍රබලයින්ගේ දැඩි විරෝධය මත එම සාකච්චා අසාර්ථක වී ඇතැයිද වාර්තා වෙයි.

පින්තූරයේ දැක්වෙන්නේ එජාප ජනහමුවක වේදිකාවේ සිටින රතන හිමියන් හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතායි.

චම්පිකට චන්දෙ දෙන්න එපා’… විජේදාසගේ පුතා එජාප පාක්ෂිකයන්ගෙන් ඉල්ලයි…

champika-ranawaka

dghj

එක්සත් ජාතික පක්ෂයෙන්ම චන්දය ඉල්ලන චම්පික රණවක ආදීන් ඉල්ලක කර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් මනාප සටනක් අරඹා ඇති බව පසුගිය කාලය පුරාම දක්නට ලැබිණ.

විසේෂයෙන් චම්පික රණවක ට මනාප දීම හරහා එක්සත් ජාතික පාක්ෂිකයකුට තම පාර්ලිමේන්තු අසුන අහිමි වන අතර අනාගතයේ දිනක චම්පික රණවක එක්සත් ජාතික පක්ෂය හැර යනු ඇතැයි ද ඔවුන්ගේ මතයයි.

මේ ඊයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා තම ෆේස් බුක් ගිණුමේ ඇබූ සටහනකි.

 

ඔහු මෙයින් ඉලක්ක කලේ චම්පික රණවක මහතා බවට සැක නැත.ඔහුට මනාප නොදෙන්නයි ඔහු එහිදී එජාප චන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටී. රඛිත රාජපක්ෂ මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සමීපව කටයුතු

කරන්නෙකි.

අනුර කුමාර බේබදු සල්ලායෙක්.. ජවිපෙට දෙන්න හිතන ඡන්ද එජාපයටම දෙන්න..

imagesA2LI9CZX

ජවිපෙ නායක අනුර කුමාර ඇතුළු සිවු දෙනෙකු බේබදු, සල්ලාල, නින්දා සහගත අය බව එම පක්‍ෂ හිටපු නායක හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අනුරාධපුරයේ පැවැති ජනහමුවක් අමතමින් කියා සිටියේය.

මහත් වෙහෙසක් වගකීම ඉටු කරන පක්‍ෂ සාමාජිකයන් මේ ගැන දැනුවත් විය යුතු බවද පවසන ඔහු මැතිවරණයෙන් පසුව ජවිපෙ ප‍්‍රධාන විපක්ෂය පත්වුවහොත් තමා ජවිපෙ කාර්යාලයට බඩගාගෙන ඇවිත් සමාව අයදින බවද පැවසීය.

අද ජවිපෙ මැතිවණ කරන්නේ එජාපයේ සහ විජේදාස රාජපක්ෂගේ මුදල්වලින් බවත් කී ඔහු ජවිපෙ මල්ලිට වඩා අයියා වන එජාපයට ඡන්දය ලබා දීම වඩා සුදුසු බවද කියා සිටියේය.

මහින්ද අගමැති කරන්න මෛත‍්‍රී කැමතියි.. ඒ මෙහෙමයි.. – විමල් රහස හෙළි කරයි..

අභිමානවත්, අදීන ජාතියක් ලෙස නැඟිටිනවාද නිවට දීනයන් රැළකට රටේ පාලනය බාර දෙන්නේදැයි තීරණය කිරීමට එළැඹෙන 17 වනදා ජාතිය හමුවේ අවසන් අවස්ථාව ලැබි ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයාට අගමැතිකම නොදෙන බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරනු ලැබූ ප‍්‍රකාශය එතරම් තැකිය යුතු නැති බව කී වීරවංශ මහතා සන්ධාන අපේක්‍ෂකකම හා මැතිවණ මෙහෙයුමේ නායකත්වය ලබා දුන්නේ සන්ධානයේ බහුතර කැමැත්ත පිලිගනිමින් බවත් ඒ ආකාරයෙන්ම සන්ධන බහුතරයට හිස නමා අගමැතිකමද ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපතිවරයාට ලබා දීම නිසැක යයිද කියා සිටියේය.

සිංහ එෆ්.එම්. ගුවන් විදුලියේ දේශපාලන සංවාදයකට එක්වෙමින් ඔහු මේ අදහස් පල කලේය.

පාතාලය රකින්නන් මඩින්න STF එකට බලය

sp22_stf1

පාතාල සාමාජිකයන්ට රැකවරණය සපයන ඕනෑම තරාතිරමක අයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ කාර්ය බළකායට පවරණු ලැබ තිබේ.

පාතාල සාමාජිකයන් සැඟවී සිටින ස්ථාන පිළිබඳව විමර්ශනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් කඩිනම් කරන ලෙසද පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පොලිස් විශේෂ කාර්ය බළකායට නියෝග කොට තිබේ.

විශේෂයෙන් සඳුදායින් (10) ආරම්භ වන සතියේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල හා පිටස්තර නගරාසන්න ප්‍රදේශවලද ක්‍ෂණික මාර්ග බාධක යොදා ගිනි අවි රැගෙන සැරිසරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායට උපදෙස් දී ඇතැයි පොලිස්පතිවරයා පැවැසීය.

මහින්දට යැවූ මෛත‍්‍රීගේ ලිපිය ලියා ඇත්තේ සිරිකොතේ සිටයි.. [Video] –

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යොමු කර තිබූ ලිපිය ලියා සිරිසේන මහතා විසින් නොව සිරිකොතේ අයෙකු විසින් යයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියහ. උන් වහන්සේ සඳහන් කලේ මේ සම්බන්ධයෙන් තොරතුරු තමන් වහන්සේ සතුව ඇති බවයි. – See more at:

රතු අලි පැටවුන් දැවැන්ත පසුබෑමක් ආසන්නයේ..

faf

17 වැනිදා පැවැත්වෙන මහ මැතිවණයෙන් ජනතා විමුක්ති පෙරමුණ තම ඉතිහාසයේ ලැබිය හැකි දැවැන්තම පසුබෑමක් ආසන්නයේ සිටින හෙළිව තිබේ.

ලංකාදීප වෙබ් අඩවිය මගින් අහඹු ප‍්‍රතිචාර දක්වන්න්නේ මතය අනුව මෙවර මැතිවණයෙන් ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයේ තීරක බලවේගය වන බව විශ්වාස කරන්නේ 112,780කින් 4,464ක් පමණි. ප‍්‍රතිශතයක් ලෙස 3.95%කි.

ජවිපෙ තීරක බලවේගය නොවන බව විශ්වාස කරන්නන් අතර ජවිපෙට ඡන්දය භාවිතා කරන්නන් සිටිය හැක්කේ ඉතා අඩු ප‍්‍රමාණයක් මෙන්ම ජවිපෙ තීරක බලවේග වන බව විශ්වාස කරන්නන්ගෙන් වැඩි දෙනෙක් ජවිපෙට ඡන්දය දෙනු ඇතැයි උපකල්පනය කිරීම අතිශය සාධාරණය.

ජවිපෙ අවසන් ලෙස තරඟ වැදුනු 2001 පාර්ලිමේන්තු මැතිවණයේදී 9.1%ක ඡන්ද ප‍්‍රතිශතයක් සහිතව ආසන 16ක් දිනා ගත්තේ එම පක්‍ෂ ජනප‍්‍රියත්වයේ හිනිපෙත්තේ සිටියදී සහ ජවිපෙ නායකයන් කොල්ලන් කුරුට්ටන්ගේ උසුළු විසුළුවලට ලක් නොවී තිබී තත්වයක් යටතේය.

මෑත කාලීන දේශපාලන භාවිතාව තුල එජාපයට සෘජුව හෝ වක‍්‍රව කඬේ යාමක් මිස ජාතිකවාදී අධිරාජ්‍යවිරෝධී භාවිතාවෙන් බොහෝ ඈත්ව සිටින එම පක්‍ෂය 17 වනදා පැවැත්වෙන මහ මැතිවරණයේදී 2001 මැතිවණ ප‍්‍රතිශතය ඉක්මවා යනු ඇතැයි සිතිය නොහැක. ලංකාදීපයේ සඳහන් ගණනය කිරීම්ද 100%ක් නිවැරදි නොවන නමුත් ජවිපෙ ඒ අසන් ප‍්‍රථිපලයක් ලබා ගනු ඇතැයි සිතිය හැක.

– විහඟ චතුරංග